භව ඝෝර මහා සාගරයේ...

පනස් ගනන් වල හිටන් හැත්තෑ ගනන් දක්වා බොහොමයක් බොදු ගී වලට ජීවය දුන්නේ බොදුනුවන් නොවන අය... ඒ එම් යූ රාජ්, අහමඩ් මොහිදීන්, ඒ. ආර්. එම්. ඊබ්‍රහිම්, මොහිදීන් බෙග් මහත්වරුන් විශේෂයි... කාන්ති වක්වැල්ල, ජී එස් බී රාණි, ධර්මදාස අනෙක් පැත්තෙන් හිටියා... එම් කේ වින්සන්ට් සහ "නාදේ නාදේ සාධු නාදේ..."ගයන දක්ෂ නලුවකුද වූ වින්සන්ට් වාස් (සංදේශය) වගේ අයත් අමතක කරන්න බෑ... මම හිතන විදිහට ඔවුන් කතොලිකයන්... මේ සිංහල බොදු ගී කලා කෙතේ, කදිම ගීතයක් තමා මුතු චින්නප්පා මැතිණිය විසින් ගයනා කල මේ ගීය... සිංහල උච්ඡාරනය අපහසු වුවත් ගීය ගයන අපූරුව...
ගී රචනය ආනන්ද සමරකෝන් ශූරීන්ගෙනි
තනුව 'අබුතේරසිවා' හින්දි ගීය අනුව නිමැවුණකි
සංගීත සංයෝජනය එම් ජොහර්ෂාගෙනි

භව ඝෝර මහා...
භව ඝෝර මහා සාගරයේ දුක් දිය නේකා...
පහදා නිවන් මාර්ග සදා දුන් හිමි ලෝනා...

පේවී ප්‍රිතීනි සැමදා මා නමදිමි නීතී...
නෑරේ කෙළෙස් මේ සැපෙහී සුන්වේය ඒ සිඳී...
ගෙන දෝත නගාලා ම හදේ භක්තිය පාලා...
පහදා නිවාන් මාර්ග සදා දුන් හිමි ලෝනා...
භව ඝෝර මහා...

පූජාචනීය පුෂ්ප යොදුන් හිස් මතේ තබා...
පතා මෙලෝ නේක සිරිත් පා නිමල් සිරී...
පතා මෙලෝ නේක සිරිත් පා නිමල් සිරී… රමණී ඒ නිමල් සිරී...
අති රෞද්‍ර ඝෝර මේ භවයේ දීප්තියෙ දිනිඳා...
අති රෞද්‍ර ඝෝර මේ භවයේ දීප්තියෙ දිනිඳා… පහදා... පහදා...
පහදා නිවාන් මාර්ග සදා දුන් හිමි ලෝනා

භව ඝෝර මහා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලම යන්න...

Bawa Gora Maha

39 ප්‍රතිචාර:

Raven said...

ෂහ්. සමහර උච්ඡාරණ තේරුම් ගැනීමට අපහසු උනත් අමුතු ගතියක් තියව මේ ගීයෙ. මේ තාලයට යන පසුකාලීනව බිහිවූ තව මොකක් හරි සිංහල ගීතයක් තියනවදත් මන්ද ටිකක් හුරු ගතියක් තියනව මේ ගීතයෙ.

රවා said...

අනුන්ගෙ සින්දු දැම්මා ඇති දැන් කාලෙ... තමුන්ගෙම නිර්මාණයක් කරලා දාන්න..... අපි මෙවා පස්සෙ කියවන්නෙ... කො කො ඔයගෙම නිර්මානයක්.... තිස්ස අයියා වන් මොර්......වෙනම බ්ලොග් එකක නම් එත් කමක් නැහැ..... බැහැයි කිව්වොත් ඔන්න මම කොටුවෙ බො ගහ ලඟ කටඅවුට් එකක් ගහනවා ලංකාවට එන්න බැරිවෙන්න.. ජුන් වල ලැන්ඩ් කරනවා කියලා ආරංචියක් ආවා... මාරයත් එක්ක දවසක කදෙ දාගෙන ඉමු.....

තිස්ස දොඩන්ගොඩ said...

අනීවා මළේ... දැන් නියම බඩු ටිකක් ඉන්නවා..යෝගී, හෂිත, Raven, විෂ්මි, වත්, උඹ, දුකා හිටියොත් පොරත්, උදාර මධුශංක, චේජනා නංගි ත් හිටියොත්, සහ මාරයා....මැක්සා පාටියක් දාමු....
උඹ ඒකටත් මිනිහ... කටවුට් ගහන්නත් බැරි නෑ..

දුකා said...

ane ban . . mage gedara pc eken mewwa ahanna bahane . .. meka kalin ahala nadda th manda . ..

යෝගී... said...

තිසා මේ... අපි දන්න හින්ද හොඳා. වෙන කවුරුවත් දැක්කොත් බලයි මුං මේ මාරයා සෙට්කරං මැක්සා පාටියක් දාන්ඩ යන්නේ මොකෝ කියලා.හී හී :)
හැමදාම වගේ උඹ අදත් ගීයට පූර්විකාව සපයලා තියෙනවා හරි අපූරුවට.අපේ සංගීත කෙතේ ඉතිහාසය‍ මේ විදියට එකතු කරලා තියපං තවත්. අපේ දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙට අපිටත් කියල දෙන්න පුළුවං වෙයිනේ මෙන්න අපේ ඉතිහාසය කියලා.
-ජය

තිස්ස දොඩන්ගොඩ said...

@ යෝගී: හැබෑටම මට ඒක කල්පනා උනේ නෑ බන්.... හයියෝ හයියෝ... මට තවම හිනා බං... මාරයා එක්ක පාටි...! පිස්සු කේස්... හෙහ් හෙහ් හෙහ්...

@දුකා: හරි මේ 20 මගේ මේ විභාගය ඉවරයි.... ඊට පස්සෙ උඹ එපා කිව්වත් මම උඹව හම්බ වෙන්න එනවා... එතකොට මැසිම බලමු.... ඔය වැඩකාරයෝ ඉන්නේ... උන් එකෙකුට කෝල් එකක් එහෙම දීලා බලමු දෙන්නම හිරවුනොත්..

uvindubt said...

අයියා ඔයාගෙ මේ වෑයම නම් නියමායි, පරණ සිංදු පිපාසයෙන් පෙළෙන මම වගේ අයට නම් මේක එළකිරි. ගොඩක් පිං

දුකා said...

aha ela ela . . mage wine bottles dekakma weali weali tiyenawa . . . onna mama ehenam eka ehemmama tiya gananwa 20 pahuwenakam hode . .. . !!!

uvindubt said...

මම මේ දවස් වල සිංදුවක් හොයනවා, පුලුවන් නම් මේක ලබා දෙන්න.
මල් යහනාවකි ලෝකේ- වෝල්ටර් ප්‍රනාන්දු/ එම්.එස්.ප්‍රනාන්දු

තිස්ස දොඩන්ගොඩ said...

@uvindubt:පිංයන්න ඕනේ මලේ වැඩි හරෛයක් මේ නිර්මාන කරපු අයට...මම එකතු කරලා දැම්මා විතරයි... මොක වුනත් ඒ වැඩේට දුරි දුන්නට ඔබට ස්තූතියි..

@දුකා: එල ... ඔය තියෙන්නේ..."මුව විට පුරවා... මීවිත ගෙන සුරතින්...අපි සව්දිය පුරමු..."

තිස්ස දොඩන්ගොඩ said...

මල් යහනාවකි ලෝකේ... ඔන්න මල්ලි ලින්ක් එක ඩවුන් ලෝඩ් කරගන්න... ඔබේ රසවින්දනයට ජයවේවා...
http://www.divshare.com/download/10689375-9ea

චේජනා said...

බලමු නේද? දැන් නම් කට්ටියව හැබෑවටම මුන ගැහෙන්න හරිම ආසයි..
ඊළඟ සින්දුවට පූර්විකාව කවියෙන් බලාපොරොත්තු වෙන අය අතරෙ රවා වගෙම මාත් ඉන්නව..

uvindubt said...

හෙ හෙ, හරි හරි, එහෙනම් ඔයා මේව හොයා ගන්න ක්‍රමය කියල දෙන්නකෝ,

අපි සිංදු ඕන වුනාම ඉල්ලන්නම්

තිස්ස දොඩන්ගොඩ said...

ඇත්තටම මටත් හරිම ආසයි නගේ....

ඇයි නගේ මේ බෝතල් පත්තර කාරයෙක්ගෙන් පත්තරේට ලියුම් ලියයි කියල බලාපොරොත්තු වෙන්නේ....?

තිස්ස දොඩන්ගොඩ said...

@uvindu: you are always welcome at anytime brother...

විශ්මි said...

තිස්ස අයිය හැමදාම වගෙ දාල තියෙන්නෙ කලින් අහල නැති අපූරු සින්දුවක්... :)


කවි වලට ඉල්ලුම තියෙන එකෙ දැන් ඉතින් ලිවුවනම් බලන්න..... සින්දු වගේම අපිට කවිත් රසවිදින්න පුලුවන්නෙ එතකොට.........

මාරයාගේ හෝරාව said...

ඔන්න තිස්ස අයියා දැන් තමයි මාරයා ගෙදර ආවෙ.
ඉතින් මං නැති උනත් මා ගැන කථාවක් ගිහිල්ලා තියෙනවා දැක්කා .
අනිත් මාරයත් එක්ක පාටි දානවා වගේ නෙවෙයි මෙ මාරයා එක්ක පාටි දැමිල්ල.
කිසි අවුලක් නැහැ.
(සමහර විට පස්සේ හිතෙයිද දන්නේ නැහැ ඒ මාරයා මෙ මාරයාට වඩා හොදයිද? කියලා)

රවා said...

තිස්ස අයිය මක් වෙලාද දුකා අයියගෙ මැෂින් එකට.... අපි ත් ඉතින් PC තමයි.....

තිස්ස අයියා... මාරයා දන්නෙ නැහැ මෙ පුංචි මාරයගෙත් වැඩ කිඩ හම්බුනාම බලමුකො....

තිස්ස දොඩන්ගොඩ said...

@විෂ්මි: මට එහෙම කවි සිතුවිලි නිතර පහල වෙන්නේ නෑ න‍ඟේ...

අපි මාරයා මල්ලිට පෙලවහක් වෙන්න කියලා පෙ‍රැත්ත කර එකේ දුක දැන් මට තේරෙනවා...

@මාරයාගේ හෝරාව: හා හහ් හහ් හා..එල කතාව...මලයා දැන් අපේ අනිවා මතෘකාවක්...

@රවා: ගිහිල්ල බලන්න ඕනෑ මලයෝ...ඕනෑ වුනොත් message එකක් එවන්නම්... මාරයා නැතිව මොන පාටිද...

දුකා said...

machan, meka attatama lassana sinduwak. mama meeta kalin ahala tiyenawa kiyalath hiituna. ah tawa ekak . . ara mama ubata col karala illapu "pembara giraviya gana monawada dan kiyanne mama sinduwa" mata hoyala deepan.
mama dan sati gaanaka idala eka hoyanawa machan. . ..

දිල් said...

ඇත්තම කිව්වොත් අයියෙ මම නම් කලින් මේක අහලා නෑ..සමහර වචනවල තේරුම උනත් හරියටම දැනෙන්නේ නැ කිව්වොත් අයියා මගෙ සින්හල දැනීමට හිනා වෙන්න එපා හොදද ?

මෝඩ කෙල්ලො එකා දෙන්නෙකුත් මේ ලෝකෙ ඉන්නවනෙ

තිස්ස දොඩන්ගොඩ said...

බොරු පණ්ඩිත කම් නැති... මිනිස්සුන්ව සතුටින් තියන්න පුලුවන්, සරල මිනිස්සු, ලෝකයක් වටිනවා නංගියේ...
ජීවිතේ එක්ක එකසිය ගානට පොර බැදපු මිනිහෙක් හැටියට කියන්නේ මං...
මට ඕගොල්ලෝ කලින් මුණගැහුනානම් මෙච්චර විඩාවක් දැනෙන එකක් නෑ...

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

මේ ගීත ටිකටත් කෝඩ්ස් ටිකක් දාන්න ඕන . ඔයා කොහෙන්ද මේවා හොයා ගන්නේ මැණික් හොයනවා වගේ වැඩක්නේ

තිස්ස දොඩන්ගොඩ said...

අන්න මලේ නියම වැඩේ... සාස්තරේ දන්න ඔයාට මේ වැඩේ කූටප්‍රාප්තියට ගේන්න පුලුවන්.... මගෙන් ෆුල් සපෝර්ට්... මම ඔයාගේ සයිට් එක, තව සින්දු ටිකක් එකතු වුනහම මගේ ෆේස් බුක් එකට දානවා... කමක් නෑනේ...?

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ස්තුතියි ඔබට ඔයා කැමති විදියට දාන්න ගැටලුවක් නැ

තිස්ස දොඩන්ගොඩ said...

@ Duka:
ආදර කරලා ඇති කරලා...
රන් කූඩුවේ දමල ආහර කවලා
පෙම් බස් දොඩලා රස කරලා,
ගියානේ මාල ගිරවි මා තනි කරලා

සැනසුම් සුවය සොයන
දොම්නස සතුට ගෙනෙන
පෙම්බර ගිරවිය ගැන
මොනවද දැන් කියන්නෙ මම...

http://www.divshare.com/download/10697550-a22

Pali said...

යකෝ මොකක්ද ඒ නොසන්ඩාල කතාව? බෝතල් පත්තර කාරයො එකතු කරන්නෙ මිනිස්සු එප කියලා අහක දාන දේවල්. උඹ එහෙමද? උඹ මේ එකතු කරන්නෙ සමහර මිනිස්සුන්ට රටක් වටින මුතු මැණික් වගෙ දේවල්.

උඹලගෙ පාටි එකට මගේ සුභ පැතුම්. සෙට් වෙන්න බැරි එකටනම් දුකයි. උඹලා වගේ උන් ඉන්න තැන මාරයා එක්ක වුනත් පාටි දාන්න මාත් කැමතියි.

තිස්ස දොඩන්ගොඩ said...

@පාලි... හැබෑටම මට අමතක වුනානේ බං ඒක... ඇත්තටම පාලි මේ කොල්ලෝ කෙල්ලෝ ටිකයි... උඹලගේ අපේ සින්දු පාටියයි, මාව බොහොම relax එකේ තියනවා... මම සින්දු රස විඳින, මිනිස්සුන්ගේ සියුම් සොඳුරු සිතුවිලි ඉව කරන මනුස්සයෙක්... ඊයේ දවසම "කුසුමට ලංවී රොන් ගන්නා .." සිංදුව මුමුණ මුමුණ හිටියේ... ලොක්කා පොල්ලෙන් ගැහුවත් ගානක් නෑ... හිතේ බරක් නෑ....අද මුමුණන්නේ, ඊයේ යාලුවෙක් ඉල්ලාපු "පෙම්බර ගිරවිය ගැන මොනවද දැන් කියන්නේ මම..." සින්දුව...

උඹට කිව්වට මාව ගෙන්නා ගන්නේ නෑනේ ... ඒ නිසා මම මුන් එක්ක පාටි දානවා...

අනෙක මාරයා... ඌ මචන් මගේ සයිට් එකේ ලින්ක් එකක් තියන "මාරයාගේ හෝරාව" ලියන පොර... ඌ one of a kind පොරක් ...සයිට් එකට ගියානම් තේරෙයි... ඌ, ඌව හදුන්වන්නේ එන්ජින් මවුන්ට් එකක් කියලා... මාරම භාන්ඩයක්

දුකා said...

thank you machoe . . . .thankoooooo overy much . . .. .

meka mama maaasa gaanak hoya hoya hitiye . . ..

ummmmmmaaaaaaaaaaaaaa

hik hik

Pali said...

"අපේ සින්දු" කට්ටියත් දැන් හද ගී පොත බලනවා. දවසක පුලුවන් වුනොත් හද ගී පොතේ සින්දුත් කියන්න ට්‍රයි එකක් දෙන්නම් :)

අර කවුද මල්ලි කෙනෙක් කිව්වා වගේ මේ සින්දු වලට කෝඩ්ස් දාලා දෙන්න පුලුවන්නම් කාට හරි ඒක ගොඩක් පිං සිද්ධ වෙන වැඩක්. හද ගී පොතේම වෙනම ටැබ් එකක් වුනත් තියාගන්න පුලුවන්නෙ නේද තිස්ස?

තිස්ස දොඩන්ගොඩ said...

@පාලි: නෑ..එල නේ...? අර ලස්සනට සිංදු කියන සුකොමල ලලනාවටයි, පියකරු waitress ටයි කොහොම හරි බලන්න කියන්න...

මචං ඒ මල්ලි වෙනම සයිට් එකක් කරනවා "ගිටාරය" කියලා... මගේ සයිට් එකේ ලින්ක් එක තියනවා...

Udara || උදාර මදුෂංක said...

හොඳ අදහසක් කියලා තියෙන්නේ උදේ පාන්දරම.. අන්න එහෙම දාමුකෝ පාටියක් අයියණ්ඩි.. අපේ උපරිම සප් එක් ඕං එව්වට.. :P ආහ් මේ සින්දුවේ තාලෙටම අළුත් සින්දුවක් ගැන කිව්වා නේද අයියා ? හරියටම හරි.. මට ඩිං ගාලා සින්දුව ටියුන් වුනා.. වි‍ජය කුමාරතුංග මහත්තයා කියනා මහා ශාක්‍ය කුලේ සින්දුවේ තියෙන්නේත් මේ තනුවම තමා.. ඔන්න අහන්න ඕනේ නම් පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්න.. හැබැයි මේක කියන්නේ නම් මංජුල වර්ණකුලසූරිය..

http://www.mediafire.com/?owyxtmy2dj2

තිස්ස දොඩන්ගොඩ said...

අනිවා දාමු... රසවතුන් නැතිව මොන පාටිද?

ආකාසකුසුම් said...

දුරු රටෙක වෙසෙන බෞද්ධයන් වන අපි විටෙක බෞද්ධ ගීත පිපාසයකින් පෙලෙනවා, සුපුරුදු බුදුගුණ ගීතවලින් ඈත්ව බුදුගුණ ගීතයක් සොයාගන්න අපහසුව, වෙසක් භක්ති ගී වලට ගායනා කරන්න අලුත් විදියේ ගීතයක්. මෙය නම් මහගු පුණ්‍ය කමර්‍‍යක්ම වේවා . . . . !!!

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි... ඔබ කැමති ගීයක් තියනවානම් ලියන්න... මම හොයලා "ඔබ කැමති ගී " කියන ටැබ් එකට ඔබේ නමින් දමන්නම්....

ආකාසකුසුම් said...

ඉන්ද්‍රානී විජේබණ්ඩාර ගෑයූ . . . ආයුබෝවන් ආයුබෝවන් . . . (early 70s I hope)


නිරංජලා සරෝජිනී පීරිස් සහ රෝහණ සිරිවර්දන ගෑයූ . . . . ඔබේම ඉන්දූ කියා ලියූ මුත් ඔබට උරුම නෑත මා . . . ((also late 70s)

හෑකි නම් සවනට මුසු කරන මෙන් ඉල්ලනවා . . . ස්තුතියි ඔබට.

තිස්ස දොඩන්ගොඩ said...

අනිවාර්‍යයෙන්ම දමනවා... ඉඳ හිට ඇවිත් අර ටැබ් එකේ බලන්න... ඔබේ උනන්දුව අප වෙහෙස සංසිඳවයි.... පැරණි ගී රසිකයන්ගේ ගොන්නට ආදරයෙන් ඔබ එකතු කරමි සොයුර..

තිස්ස දොඩන්ගොඩ said...

@ආකාස කුසුම්:ගී දෙකම උඩ තියන "ඔබ කැමැති ගී" ටැබ් එකට දැම්මා...

වැම්පයර් said...

පස්ට!

Post a Comment

 
Blogger Wordpress Gadgets