ලන්ද දිගේ හැංගි හොරා...

මේක මගෙ කැම්පස් බැචෙක් වන සහෘද රසික පාලිත ගෙ ඉල්ලීමක්... මාත් ඉතාම ප්‍රිය කරන ගායිකාවක් නන්දා පතිරණ... අතලොස්සක් වූ ඇගේ ගීත සියල්ලම රත්තරන්ම තමා...

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ...
‍රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ...

දෑත දරා පෙරදා කීව කතාවේ... දෑස ‍රැඳේ තාම බැඳීලා...
සීත ‍රැයේ හඬනා දෑස දිහාවේ... දෑස ඔබේ ලෝකේ සොයාලා

පාලු පැලේ මුමුණා ගීත ගැයේවා... පාලු සිතේ ශෝක නිවාලා...
ජීවිතයේ තනිවී දැත ‍රැඳේවා... ආයේ ඔබේ දෑතේ බැඳීලා...

සිංදුව අහන්න...

4 ප්‍රතිචාර:

Manjula said...

මචන්,

මේක අහන්න බැහැ, පොඩ්ඩක් බලපන් ... තාක්ශනික ප්‍රශ්නයක් වගේ...


මංජුල

තිස්ස දොඩන්ගොඩ said...

මචං.. පුබුදුත් මේකම වෙන සිංදුවකට කියලා තිබුනා...මට හිතෙන්නේ එක්කෝ අප්ලෝඩ් කරපු සයිට් එකේ මල්ටිපල් ඩවුන්ලෝඩ් වලදි පොඩ්ඩක් හිරවෙනවා... එහෙම නැත්නම් බැන්ඩ්විත් ප්‍රශ්න... දැනට සිංදු වලට විකල්ප ප්ලේ සයිට් එකක් දමන්නම්... බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...

LishWish said...

මේ වගේ සිංදු දැං රේඩියෝ එකක නොයන්නේ අපේ අවාසනාවට. බොහොම පිං මේ වගේ සින්දු දානවට.

තිස්ස දොඩන්ගොඩ said...

ඔබලාගේ නොමසුරු කමෙන්ට්ස් මා තවත් කුලුගන්වයි... ඔබට බොහොම තුති..

Post a Comment

 
Blogger Wordpress Gadgets